Learn How To Do

How to create bootable USB pen drive fast way (in Sinhala)

Windows bootable USB pen drive dos

 Hello guys, Today I’m going to teach you how to create a bootable USB for any operating system (ex: Windows XP, 7,8,10 or Ubuntu etc..) First of all, I have to explain what is a bootable USB. Normally bootable USB can be used to boot or start computer operating system like as we boot or start an operating system using a CD/DVD disk.This is very useful in some situations.When you are using a bootable pen drive, you do not need to write the operating system to a CD or DVD and also when the size of the operating system is too large this method is very very helpful.You can use the pen drive as a normal pen drive afterward.

ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සදහා බූටබල් ඩ්‍රයිව් එකක් සදා ගන්නා ආකාරය ගැනයි අද මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ.මුලින්ම බූටබල් ඩ්‍රයිව් එකක් ගැන පැහැදිලි කර ගෙන සිටීම වඩාත් හොදයි.බූටබල් ඩ්‍රයිව් එකකින් ඔබ සමාන්‍යයෙන් CD/DVD එකක් භාවිතා කර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන ආකාරයට හෝ මෙහෙයුම් පද්ධතියක් ධාවනය කරන ආකාරයටම සාමාන්‍යය පෙන් ඩ්‍රයිව් එකකින් කරන්න බැරි කටයුත්තක් කර ගැනීමට හැකියාව ලැබෙනවා.මෙම ක්‍රමය විවිධ අවස්ථා වලදී අපට ප්‍රයෝජනවත් වෙනවා.මෙහි ඇති ප්‍රධානම වාසී නම් ඔබට CD/DVD එකකට පිටපත් කිරීමෙන් තොරව පහසුවෙන් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.එමෙන්ම මෙම ක්‍රමයෙන් අපට CD/DVD එකකට දැමිය නොහැකි  විශාලත්වයෙන් වැඩි මෙහෙයුම් පද්ධතියක් වුවද ස්ථාපනය කරගැනීමට හැකියාව ලැබේ.භාවිතයෙන් පසුව නැවත සාමාන්‍යය පෙන් ඩ්‍රයිව් එකක් ලෙස භාවිතා කිරීමටද හැකි වනවා.

What do we need?

  • a USB device (Pen Drive/external HDD) which has sufficient space to hold OS files
  • an operating system (.iso file or CD/DVD)
  • a computer with USB port (Yes you have)

අවශ්‍යය මොනවාද?

  • USB උපකරණයක් (පෙන් එකක් හෝ භාහිර දෘඩ තැටියක්(external HDD)) ඔබ දැමීමට සූදානම් වන මෙහෙයුම් පද්ධතිය රුදවීමට තරම් ඉඩක් තිබෙන එකක් විය යුතුය
  • මෙහෙයුම් පද්ධතියක් (ඩවුන්ලෝඩ් කරගත් .iso ෆයිල් එකක් හෝ CD/DVD එකක්)
  • පරිගණකයක්  😛
Note:

You must copy all your files and folders in your USB device to an another location. Because the USB device is going to be formatted to make it a bootable USB device.Therefore backup all the files to your hard drive or to a cloud storage like Google Drive.

සැලකිය යුතුයි:

ඔබ ඔබගේ USB ඩ්‍රයිව් එකේ තිබෙන සියලුම දේවල් පරිගණකයකට හෝ Google Drive වැනි අන්තර්ජාල සේවාවකට කොපි කර ගත යුතුය. බූටබල් ඩ්‍රයිව් එකක් බවට හැරවීමට පෙර එය ෆෝමැට් කිරීමට සිදු වන නිසා මෙය ඉතා වැදගත් වේ.

Creating a bootable USB (බූටබල් ඩ්‍රයිව් එක සදා ගැනීම)

Now we are going to convert our USB device to a bootable USB device. Follow the below instructions carefully. Keep in mind to don’t stop in the middle of the operation otherwise, it may harm your USB drive

දැන් අපට බූටබල් ඩ්‍රයිව් එක සදා ගැනීම සිදු කල හැක. එ් සදහා පහත පියවර ඉතා පරිස්සමෙන් අනුගමනය කරන්න.කිසිම විටෙක මෙම කටයුත්ත අතරතුරදී නැවැත්වීමෙන් හෝ පෙන් එක විසන්ධි කිරීමෙන් වලකින්න එය උපකරණයට හානි සිදු වීමට හේතු විය හැක.


Connect the USB drive to the computer.

පෙන් එක පරිගණකයට සම්බන්ධ කරන්න.

Then type ‘diskpart’ in search bar/run in windows and press enter

වින්ඩෝව්ස් හී Search මත හෝ Run එකෙහි ‘diskpart’ ලෙස ටයිප් කර enter  කරන්න

bootable USB windows diskpart

Now you can see a window that looks like command prompt.It is the console where we are going to type commands.Enter following commands one by one and press enter

දැන් command prompt එකට සමාන වින්ඩෝවක් විවෘත වනු ඇත.අප අවශ්‍ය commands ලබා දෙන්නේ මෙය තුලයි.දැන් පහත සදහන් commands එකින් එක පිලිවෙලින් ලබා දෙන්න.


list disk

windows bootable USB diskpart list disk

When you press the enter you can see a list of storage devices available on your computer.Determine which is your USB device.Check the Size to find which one is your USB device. Remove all the unnecessary USB devices that are connected to the computer as it is hard to find the correct USB device.

ඉහත විධානය ඇතුලත් කර enter කල විට ඔබට පරිගණකයට සම්බන්ධ Hard disk සහ USB උපාංග ලයිස්තුවක් දැක ගත හැකි වේ.මේ අතරින් ඔබ සම්බන්ධ කල පෙන් ඩ්‍රයිව් එක හදුනාගත යුතුය ඒ  සදහා Size එක ගැන බැලිය හැක. ඔබේ පරිගණකට සම්බන්ධ කර ඇති වෙනත් USB උපාංග ගැලවීමෙන්ද එය හදුනා ගැනීමට පහසු වනු ඇත.

ex: Disk 1 (I have connected a 32GB Pen drive which really has 29 GB, LOL)

මෙම උදාහරණයේ සම්බන්ධ කර ඇත්තේ 32GB පෙන් එකක් බැවින් 29 GB ඇති Disk 1 එක අපට තෝරාගැනීමට අවශ්‍ය එක වේ.


select Disk 1
windows bootable USB diskpart 2

This command will select the USB device which is going to be converted to a bootable USB. If the operation was succeeded above message can be seen.

මෙම විධානය මගින් ඔබට අවශ්‍ය USB උපාංගය තෝරා දීම සිදු කෙරේ.එය සාර්ථක වූවේ නම් ඉහත පරිදි දිස් වනු ඇත.


clean
windows bootable USB diskpart 3

This command will erase all the files in the device.

මෙම විධානයෙන් පෙන් එකෙහි ඇති සියලුම ෆයිල්ස් මකා දමනු ඇත.


create partition primary
windows bootable USB diskpart 4

This will convert your USB to a primary partition.

USB එක primary partition එකක් ලෙසට වෙනස් කිරීම සිදු කරයි


active
windows bootable USB diskpart 5

format fs=ntfs quick
windows bootable USB diskpart 6

In this step, the USB device will be formatted and the file system will be NTFS. Wait few seconds until the formatting is done.When the formatting is over you will see the above message.

මෙම පියවරේදී USB එක ෆෝමැට් වීම සිදුවේ.එහිදී NTFS file system භාවිතා වේ.මෙම පියවර සදහා සුලු වේලාවක් යන බැවින් එය අවසන් වී ඉහත පරිදි පනිවිඩයක් දිස් වන තෙක් සිටින්න.


assign
windows bootable USB diskpart 7

Finally, enter the above code.

අවසාන වශයෙන් ඉහත විධානය ලබා දෙන්න.


Finally, the result should be like below

සියල්ල ලබා දුන් පසු පහත පරිදි දැක ගත හැකිවේ.

Windows bootable USB pen drive dos

 

Now you have successfully created a bootable USB.It is time to place an OS inside the USB.

දැන් ඔබ සාර්ථකව බූටබල් USB එකක් සදාගෙන අවසන්ය. මීලගට ඇත්තේ එයට මෙහෙයුම් පද්ධතියක් ඇතුල් කිරීමයි.

  1. If you have OS CD/DVD open it and copy all content from the disk to USB drive
  2. If you have an image file(.iso) mount it to a virtual disk and copy all content to USB or you can open the. iso file with WinRar and extract the content to the USB that we created.

 

  1. ඔබ සතුව මෙහෙයුම් පද්ධතියක් සහිත CD/DVD එකක් ඇත්නම් එහි ඇතුලත් සියලුම ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් පෙන් එකට copy කරන්න
  2. ඔබ සතුව ඩවුන්ලෝඩ් කරගත් (.iso) ෆයිල් එකක් ඇත්නම් එය virtual disk එකක් ලෙස mount කර එහි ඇතුලත් සියලුම ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් පෙන් එකට copy කරන්න. නැතිනම් එය WinRar මගින් විවෘත කර පෙන් එකට extract කරන්න .

 

 

Note: Do not put OS files/folders into any folder.Place all files and folders in root path of the USB

සැලකිය යුතුයි : මෙහෙයුම් පද්ධතියට අදාල ෆයිල්ස් පෙන් එක වෙත කෙලින්ම copy කල යුතුය එවා folder එකක් ඇතුලට දැමුවහොත් භාවිතා කිරීමට නොහැකි වේ

 

Now your USB is ready to boot the OS like a Bootable Disk.You can plug your bootable USB to a computer and boot an operating system.But make sure to change the boot order in BIOS settings to USB devices.and boot mode to Legacy BIOS mode.If you do not know how to change the boot order or if you face any problem please comment bellow.You do not need an account to comment on any post.

දැන් ඔබේ පෙන් එක බූටබල් එකක් ලෙස භාවිතා කිරීමට සුදානම්ය.දැන් එය පරිගණකයට සම්බන්ද කර restart කරන්න. විශේෂයෙන් BIOS සැකසුම් වල boot order එක USB devices සදහා වෙනස් කිරීමටත්  boot mode එක Legacy BIOS mode එකට වෙනස් කිරීමටක් මතක තබා ගන්න.ඔබ ඒ පිළිබද නොදන්නේ නම් හෝ ගැටලුවක් ඇති වූයේ නම් කොමෙන්ට් එකක් මගින් ඒ පිළිබද විමසන්න.කොමෙන්ට් කිරීම සදහා ගිණුුමක් සැදීමට අවශ්‍යතාවයක් නොමැත.

 

Get HowTolk Updates to your phone Type : Follow howtolkoffical and send it to 40404
Similar posts
  • How to reduce Internet data usage. This is the information age and information has become the most valuable assets in the modern world. Information is the biggest market in the world. Google, Facebook, YouTube all are in information business and they earn billions with the use of information. We use internet to find various information that we need. But all that [...]
  • How to make Sinhala subtitles for any...   How to make Sinhala subtitles is a common question among movie lovers in our country. You can create your own Sinhala subtitle for any movie in any language.If you like to make your own subtitle read this article and you will be able to make your first Sinhala subtitle after reading this article. සිංහල [...]
  • How to set custom border in Microsoft... Sometimes you need to add custom sized page borders when you are creating a Word documents.The most common problem is the how to set the margin or border in centimeter or in millimeters. You can learn how to do that in few steps by reading this article. First of all Open Microsoft Word and go [...]
  • How to shut down windows automaticall... If you want to shutdown, reboot or log off your Windows PC or laptop in specific time and date, there are few methods you can follow. Sometimes it is very useful in many ways. Mostly when you are downloading a torrent or large file from the internet in the midnight while falling asleep till the download [...]
  • How to stop Windows 10 automatic upda... දැනට පවතින අලුත්ම අලුත්ම වින්ඩෝව්ස් සංස්කරණය වන්නේ වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියයි. Microsoft ආයතය දැනුම් දී ඇති පරිදි මින් පසුව නැවතත් අලුතින් වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කරන්නේ නැත.ඔවුන් ඒ වෙනුවට දැනට පවතින වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියට  යාවාත්කාලීන වීම ලබා දීමට බලාපොරොත්තු වනවා.නමුත් අපි සැවොම හොදින් දන්නා පරිදි වින්ඩෝව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ තවමත් විවිධ දෝෂයන් පවතිනවා.මේ නිසා [...]

No Comments Yet

Leave a Reply

Your email address will not be published. Required fields are marked *